Skip to content

රුපියල් 50,000 කුරුල්ලා ලක්ෂ 15 මිලට අරන් කෝපා කමිටුවේදී හෙළිවෙයි.

දෙහිවල සත්වෝද්‍යානයට අවශ්‍ය විදේශීය පක්ෂීන් විශේෂයන් ඇස්තමේන්තු මුදලට වඩා 3000% වැඩි මිලකට ගෙන ඇතැයි  පාර්ලිමේන්තුවේ පැවති කෝපා කමිටුවේදි අනාවරනය වෙයි. සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ විගනන වාර්ථාව වත්මන් කාර්යය සාධනය පිළිබඳව සොයා බැලීමේ රාජ්‍ය ගිණුම් කාරක සභාව (කෝපා කමිටුව)  සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නගේ ප්‍රධානත්වයෙන් පැවත්වින.

ගිණුම් කාරක සභාව 

එහිදි  2018, 2020 වර්ෂවලදි සත්වෝද්‍යානයට අවශ්‍ය විදේශීය කුරුල්ලෙකු රුපියල් 50,000 ට ඈස්තමේන්තු කර තිබියදි එම කුරුල්ලා මිලට ගෙන තිබුනේ රුපියල් 1,500,000 බැවින් එය 3000% වෙනසක් බවත් පෙන්වා දෙයි. සත්වෝද්‍යානයට පක්ෂීන් 32 ප්‍රසම්පාදන ක්‍රියාවලියට අනුව සැපයිම් කරු විසින් සැපයිය යුතුය එසේ සැපයීමේදි රජයට සිදුව ඇති  පාඩුව රුපියල් ලක්ෂ 170 ආසන්නය

 සිදුවු පාඩුව සම්බන්දයෙන් මෙන්ම සත්වෝද්‍යානයේ ආදායම් නිසි පරිදි වෙන් වෙන් වශයෙන් සඳහන් වි නොමැති බවද විගනන නිලධාරින් පෙන්වා දෙන අතර මේ සම්බන්දයෙන් කඩිනම් වාර්ථවක් සකස් කර ගිණුම් කාරක සභාවට ලබා දෙන ලෙසද අදාල නිලධාරීන්ට දැනුම් දුන්නේය.

 

Latest