Skip to content

50,000 කට අධික ගෘහමූලිකයන් වූ උතුරේ කාන්තාවන්

යුද්දය හා විවිධ හේතූන් නිසාවෙන් යුද්දයෙන් පුසව ගෙවී ගිය වසර 13 ක කාලය තුලදී උතුරේ දිස්ත්‍රීක්ක පහේ සිංහල දෙමළ හා මුස්ලිම් පවුල් 54532 ක සැමියා මිය යාම හේතුවෙන් කාන්තා ගෘහමූලිකත්වයක් ඇති බවට යාපනයේ කාන්තා සංවර්ධන මධ්‍යසථානය විසින් කරන ලද සමීක්ෂනයකින් පෙන්වා දෙයි.

අදාල සමික්ෂණයන් අනුව වැඩිම කාන්තා ගෘහමූලකිත්වයක් ඇති පවුල් ඇත්තේ යාපනය දිස්ත්‍රීක්කයේ වන අතර එය ගණනින් 29378 කි. අනතුරුව මන්නාරමේ 6888 ක්ද ,මලතිව්හි 6294 කද ,කිලිනොච්චියේ 6170ක් හා වව්නියාවේ 5802 ක් බවට පෙන්වා දෙයි.

උතුරේ කාන්තා සංවිධානයක් මගින් දිස්ත්‍රීක්ක පහේ වැන්ඳඹු කාන්තාවන් ගණනය කර ඇති අයුරු

යුද්දය හේතුවෙන් උතුරේ වැන්දඹු බාවයට පත් කාන්තාවන්ට මෙතෙක් රජයෙන් හෝ රාජ්‍ය නොවන සංවිධානයන්ගෙන් කිසිදු ආධාරයක් හෝ වන්දියක් නොලැබී ඇති අතරම තමන්ගේ ආර්ථිකයට මේ වන විට දැඩි බලපෑමක් එල්ල වී ඇති බවට උතුරේ වැන්දඹු කාන්තාවන් කියා සිටිති.

යුද සමයේදී බොම්බ ප්‍රහාරයන්ට හා වෙඩි ප්‍රහාරයන්ට ලක්ව සිය සැමියා මිය ගොස් දැනට අවුරුදු 13 කට වැඩි කාලයක් ගත වුවද මිය ගිය සැමියන්ගේ වැන්ඳඹු කාන්තාවන් වෙනුවෙන් මෙතෙක් විධිමත් වැඩපිළිවලක් කිසිදු පාර්සවයක් විසන් ක්‍රියාත්මක නොකරන බවට උතුරේ වැන්ඳඹු කාන්තාවන් කියා සිටිති.

එමෙන්ම සිය පවුලේ සම්පූරණ බර කරට ගැනීම මත ඇතම් කාන්තාවන් දිනය පුරා නිවසෙන් බැහැරව සිටීම හේතුවෙන් දරු දැරියන්ගේ අධ්‍යාපන කටයුතු මෙන්ම නිවසේදී සිදු කෙරෙන ක්‍රියාකාරකම්ද සම්පූර්ණයෙන්ම බිඳවැටී ඇති හෙයින් තමන් දැඩි අසරණ තත්වයකට මුහුණ පා සිටින බවටද එම වැන්ඳඹු කාන්තාවන් කියා සිටිති.

ඊට අමතරව වැන්ඳඹු බාවයට පත් කාන්තාවන්ගෙන් වයෝ වෘද්ධ තත්වයට පත් කාන්තාවන් හට මේ තත්වයන් යටතේ සිය ජීවිකාව කර ගැනීමට නොහැකිව දෛනික ආර්ථිකයක් නොමැතිව දැඩි අසරණ තත්වයකට පත්ව සිටිති.

යුද්ධයේදී වැන්දඹුකාන්තාවන් බවට පත්ව සිටින පිරිසෙන් බහුතරයක් ආබාධිත හෝ විකලාංග තත්ත්වයට පත්ව සිටින බැවින් ඔවුන්ට කවරෙකුගේ හෝ රැකවරණයක් ආධාරයක් අවශ්‍යව පවතින බැවින් මෙම ජනකොට්ඨාශය වෙනුවෙන් බලධාරීන් කඩිනම් පියවරක ගත යුතු බවට උතුරේ කාන්තා සංවිධාන විසින් පෙන්වා දෙයි.

මේ අතර උතුරු පලාත් කාන්තා සංවිධානයන් මගින් වැඩිදුරටත් පෙන්වා දෙන්නෙ.

‘‘අද වනවිට උතුරේ කාන්තා ප්‍රධාන පවුල්වලින් 10% ක් හෝ යහපත් ආර්ථිකයක් ඇති බව දැකගත නොහැකියි. මේ කාන්තාවන්ගේ සෑම දිනක්ම ආරම්භ වන්නේ දැඩි පීඩනයකින්. එය වැඩි වශයෙන්ම ආර්ථික පීඩනයයි. ඉතින් පවුලේ බර කරට ගෙන කටයුතු කිරීමේදී ආර්ථිකයට මුල් තැන දීමට සිදුව ඇත. එහිදී පවුලේ දරුවන්ගේ අධ්‍යාපනය කඩා වැටීම මෙහි අවධානම්ම තත්වය බවටද පෙන්වා දෙයි.

එමෙන්ම කිසියම් කාන්තාවක් (තරුණ කාන්තාවක්) ගෘහමූලිකයා වී සිටීනම් තවත් පීඩනයන්ට මුහුණ දීමට සිදුව ඇත. ඒ ලිංගක අඩන්තේට්ටම් මෙන්ම සමාජයේ විවිධ කෝණයන්ට මුහුණ දීමටය. බොහෝ කාන්තා මූලික පවුල් වෙතින් ලංගික හිංසනයන් දැනගිනීමට හැකි වුවද එය පොලීසියකට හෝ අධිකරණයක් දක්වා රැගෙන යාමට උත්සුක වන්නේ 1% හෝ දෙකක්ය.

එමෙන්ම කාන්තාවන් පසුගිය කාල වකවානුවේදී උතුරේ පොලිස් ස්ථානයකට ගොස් තමන්ට වූ ලිංගික හංසනයක් පැවසීමටද මැලි වන්නේ භාෂාමය ගැටලුවක් හේතුවෙන් බවටද උතුරේ කාන්තා සංවිධාන විසින් පෙන්වා දෙයි.

උතුරේ ජීවත්වන කාන්තා මූලික පවුල් වලින් 90 % කට වැඩි පිරිසක්ම යුද්ධය හේතුවෙන් එවැනි තත්වයකට පත්වූවන්ය. මේ හේතුවෙන් නැවත පදිංචි කිරීම්, ඉඩම් ගැටලු, අතුරුදහන් වූවන්ගේ ගැටලු, ආදිය පිළිබඳව සෙවීමට මෙන්ම ප්‍රතිපාදන වෙන්කිරීමට බොහෝ පාර්ශවයන් කතිකාවකට ගත්තද කාන්තා මූලික පවුල් වෙනුවෙන් සැලකිය යුතු යමක් මෙතෙක් සිදුවී නොමැත.

උතුරේ වැන්ඳඹු කාන්තාවකට වැඩි වශයෙන්ම පීඩිත මානසිකත්වයන් වන්නේ, යුද මානසිත්වය මෙන්ම එය නිසා සිය සැමියා අහිමිවීමත් , ආර්ථික අහේනියත් යන මේවාය. මින් අහිමි වූ සැමියා නැවත ලබාදීම නොහැකි වූවේද අනේක් දෑ වෙනුවෙන් දැනෙන යමක් සිදුකිරීමට බලධාරීන් පියවර ගන්නේනම් ඔවුන්ටද මුවපුරා සිනාසිමට අවස්ථාවක් එලෙඹෙනු ඇත.

Latest