Skip to content

දින 5ක බැංකු නිවාඩුවක්..

Image credit to the original source/user

‌එළඹෙන ජූනි මස 30දා බැංකු නිවාඩු දිනයක් ලෙස අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව ජූනි මස 29දා බ්‍රහස්පතින්දා හජ්ජි උත්සවය හේතුවෙන් ද , ජූනි 30දා විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙසින්ද , සති අන්තයේ සෙනසුරාදා සහ ඉරිදා හේතුවෙන්  ද , ජූලි 03 සඳුදා අධි ඇසල පුර පසලොස්වක පෝය දින නිසාවෙන් ද , මෙරට බැංකු දින පහක කාලයක් වසා තැබෙනු ඇත.

Latest