Skip to content

කෝටි 5 විකිණීමට සූදානම් වුන ලෝහ කරඬුව පුරා වස්තුවක් ද?

දෙල්වල පොලිස් ස්ථානාධිපතිට ලද තොරතුරක් මත කල පරීක්ෂාවකදි රතු හා නිල් මැණික් ගල් එබ්බවු ශෛලමය කරඬුවක් අත් අඩගුවට ගත් බව දෙල්වල පොලිස් ස්ථානාධිපති පවසයි                 නිදන් ජාවාරම් වලට ප්‍රසිද්ධ පුද්ගලයකු කවරයක් තුල බරක් සහිත යමක් රැගෙන උඩ පෑබොටුව ප්‍රදේශයේ ගමන් කරමින් සිටින බවට පොලිස් ස්ථානාධිපතිට ලද තොරතුරේ සඳහන් විය ඒ අනුව කල විමර්ශණයේදි විෂ්කම්භය අඟල් 32 පමණ වු කිලෝ ග්‍රැම් 30 වු ශෛලමය කරඬුව සමග වයස 42 ක් වන නිවිතිගල ප්‍රදේශයේ පදිංච් කරුවකු අත් අඩංගුවට ගනු ලැබින. අත් අඩංගුවට ගත් පුද්ගලයාගෙන් කළ ප්‍රශ්ණ කිරීම්වලදි මෙම කරඬුව අනුරාධපුර ප්‍රදේශයෙන් රුපියල් ලක්ෂ 5 මිලට ගත් බවත් එය රුපියල් කෝටි පහකට වීකිණීමට රැගෙන යමින් සිටියදි පොලිස් අත් අඩංගුවට පත්වුන බවත් පවසා ඇත.

      මෙම කරඬුවේ ඉහල කොටසේ මැණික් වලට සමාන රතු හා නිල් පැහැති ගල් ඔබ්බවා තිබුන අතර කුහරය සහිත කොටස තුල රන්පැහැති කුඩා බුදු පිළිමයක්ද විය. මෙම කරඬුව නිධානයකින් ගත් සැබෑ පුරාවස්තුවක්ද යන්න සොයා බැලීම සඳහා පුරාවිද්‍යා කොමසාරිස් වෙත යොමුකල බවත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන බවද පොලීසිය පවසයි සැකකරුගේ ප්‍රකාශය පරිදි සැකකරු මෙය මිලට ගත්තේ කුමණ පුද්ගලයාගෙන්ද යන්න පිළිබඳවත් විමර්ශණය කෙරෙන බවත් පොලීසිය පවසයි.

Latest