සිකුරාදා සවස බටහිර කෙන්යාවේ ලොන්ඩියානි හි සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 48 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර එරට පොලීසිය සහ ඇසින් දුටු සාක්ෂිකරුවන් පවසා සිටියේ කන්ටේනරයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාම හේතුවෙන් මාර්ගයේ ගමන් කරමින් තිබූ අනෙකුත් වාහන වල ගැටී මෙම ව්‍යසනය සිදුවූ බවයි.
අනතුරෙන් පසු ප්‍රාදේශීය විකාශණ වල පල කරන ලද දර්ශන වල සදහන් වී ඇත්තේ හානියට පත් කුඩා බස් රථ සහ ට්‍රක් රථ සමඟ මෝටර් රථ සහ යතුරුපැදිවල ඇඹරී ගිය සුන්බුන්ය. කෙන්යාවේ රතු කුරුස සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ කන්ටේනරය වාහන හයකට වැඩි ප්‍රමාණයක් හා ගැටී ඇති අතර අනතුරුව එය පදිකයින් මතට ද ඇදී ගොස් ඇති බවයි.
මෙම අනතුර මෑත වසරවල කෙන්යාවේ මාර්ගවල සිදුවූ මාරාන්තිකම අනතුරක් වශයෙන් සැලකිය හැකිය. Londiani හි සිදු වූ මෙම බිහිසුණු රිය අනතුර හේතුවෙන් සිය ආදරණීයයන් අහිමි වූ පවුල් වෙතට සිය ශෝකය පළ කර සිටින බව කෙන්යානු ජනාධිපති විලියම් රූටෝ ට්විටර් පණිවුඩයක් මගින් දක්වා ඇත.