රට පුරා සුදුසුකම් සපුරා නැති පුද්ගලයින් 40,000ක් පමණ වෛද්‍යවරු ලෙස කටයුතු කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනාවරණය කරයි.
වෛද්‍යවරු රට හැර යාමේ තත්ත්වය සමඟ මේ තත්ත්වය තවදුරටත් වැඩිවිය හැකි බවයි එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පවසන්නේ.
මෙලෙස වෛද්‍යවරු නොවන පුද්ගලයින් වෛද්‍යවරු ලෙස කටයුතු කිරීම සිදුවන්නේ ඒ සම්බන්ධයෙන් නීතිමය ප්‍රතිපාදනවල පවතින දුර්වලතාව නිසා යැයි විජේසිංහ මහතා කියාසිටියි.
''සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බරපතල අර්බුද ගණනාවක් තියෙනවා. කාලන්තරයක් තිස්සෙ තිබෙන ප්‍රශ්නයක් නැවත කතාබහට ලක්වෙනවා. සුදුසුකම් නොමැති පුද්ගලයින් රෝගීන්ට ප්‍රතිකාර කරනවා. වාර්තා වෙන විදිහට රටපුරා හොර දොස්තරලා 40000ක් ඉන්නවා. මේක බරපතල ප්‍රශ්නයක්. මේ සම්බන්ධව වගකීම් දරන්න කිසිම කෙනෙක් නෑ. ඒ වගේම හොර දොස්තරවරු හදුනාගැනිමට ක්‍රමවේදයක් නෑ. ජනතාවගේ ජීවිත දැඩි අවදානම් තත්ත්වයක තියෙන්නේ. විශේෂඥ වෛද්‍යවරුන් ඉන්නෙත් 2000 යි. නිසියාකර නියාමනයක් නෑ. නීතිමය පැත්ත දුර්වලයි. රෝගීන්ට වෙන හානිය සම්බන්ධව ක්‍රියා කරන්න කෙනෙක් නෑ. අපි මේ සම්බන්ධව අනුකමිටුවක් පිහිටවල තියනවා. අපිට මේක තනියම කරන්න බෑ. පෞද්ගලික වෛද්‍ය නියමන අධිකාරියක් තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයට කාර්යභාරයක් තියෙනවා මේ සම්බන්ධ කටයුතු කරන්න. මේ පවතින සෞඛ්‍ය අර්බුදය සමග ජනතාවට රජයේ රෝහල් ගැන විශ්වාසය බිදවැටෙමින් පවතිනවා. ජනතාව ඒ සමගම යොමුවෙන්නෙ පෞද්ගලික අංශයට ඔවුන් යන්නෙ මොන තැනටද කියල අපි දන්නෙ නෑ. මේ සෞඛ්‍ය අර්බුදයත් සමඟ දොස්තරවරු රට හැර යාම නිසා මේ හොර දොස්තරවරු 40000 තව වැඩිවෙන්න පුලුවන්. මේ සදහා දඩුවම් කිරිමට තිබෙන නීතිමය ප්‍රතිපාදන මදි. ජාතික මට්ටමේ ක්‍රියාවලියක් අවශ්‍යයි. බටහිර වෛද්‍යවරුන්ට විතරක් නෙමෙයි දේශීය වෛද්‍යවරුන්ට මේ ප්‍රශ්නය තියෙනවා.''යනුවෙන් චමිල් විජේසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.