Skip to content

කෘතීම බුද්ධිය භාවිතා කර චිත්‍ර/පින්තූර නිර්මාණය කිරීම ඉතා දියුණු මට්ටමකට පැමිණ ඇත. මෙම තාක්ෂනය generative AI කොටසට අයත් වන අතර AI ලවා චිත්‍ර ඇඳගනිමු ලිපිය හරහා මෙලෙස පින්තූර නිර්මාණය කරගැනීම ගැන සටහනක්ද මා මෙහි  පල කරන ලදී.

මේ ද්විමාන පින්තූර නිර්මාණය කිරීමෙන් ඔබ්බට ගොසින් ත්‍රිමාණ රූප (3d model) නිර්මාණය කිරීමට හැකි AI වැඩසටහන් මේ වන විට නිර්මාණය වෙමින් පවතියි. Shap-E යනු එවැනි මුල් මට්ටමේ පවතින නවතම අත්හදා බැලීමකි.

GitHub - openai/shap-e: Generate 3D objects conditioned on text or images
Generate 3D objects conditioned on text or images. Contribute to openai/shap-e development by creating an account on GitHub.

මේ හරහා අප text ලෙස ලබාදෙන විස්තරයට (prompt) ගැලපෙන 3D model නිර්මාණය කරගැනීමේ හැකියාව ඇත (Text to 3D). මීට අමතරව අප ලබාදෙන පින්තූරයකට අදාල 3D model නිර්මාණය කිරීමටද මෙයට හැකියාව ඇත (image to 3D). පහත ඇත්තේ ඒ හරහා නිර්මාණය කල 3D model සඳහා උදාහරණ කිහිපයකි.

ඉහත උදාහරණ දෙස බැලූ විට මෙම තාක්ෂනය තවමත් මුල් අදියරේ පවතින බව පැහැදිලිය. කෙසේ නමුත් generative AI සම්බන්ද තාක්ෂණ දියුණු වන වේගය අනුව මෙම තාක්ෂනය ඉතා ඉක්මනින් වානිජමය නිර්මාණ සඳහා භාවිතා කල හැකි මට්ටමට පැමිණේවි යයි උපකල්පනය කල හැක.

Shap-E - a Hugging Face Space by hysts
Discover amazing ML apps made by the community
මේ හරහා ඔබටද මෙය අත්හදා බැලීමට හැකියාව ඇත

පරිගණක ක්‍රීඩා, සජීවීකරණ සිනමා නිර්මාණ ආදිය සිදු කිරීමේදී ඒ තුල භාවිතා කරන ත්‍රිමාණ හැඩතල නිර්මාණය කිරීමට සැලකිය යුතු කාලයක් ගත වන අතර මෙවැනි තාක්ෂණ වල දියුණුව සමග එවැනි දේ ඉතා පහසු වනු ඇත.

අනාගතයේ දී අප ලබාදෙන විස්තරයට ගැලපෙන ඉතා තාත්වික ත්‍රිමාණ ලෝකයක් පරිගණක තුල පහසුවෙන් මැවිය හැකි මට්ටමට මෙම තාක්ෂනය දියුණු වේවි යැයි සිතිය හැක. එවන් පසුබිමක එම විස්තර ලබාදීම සහ ලැබෙන ත්‍රිමාණ ලෝකය සජීවීකරණය කිරීමද GPT වැනි AI model භාවිතා කළහොත් සම්පුර්ණ video නිර්මාණයක් කෘතීම බුද්ධිය ලවාම නිර්මානය කරගත හැකි වනු ඇත.

Latest