Skip to content

36000ක් අසරණ කළ ඊසානදිග ඉතාලියේ ගංවතුර

මාර්ගයන් ජලයෙන් යටව ඇති අයුරු 

පැය 36ක් පමණ ඇදහැලුනු වර්ෂාව හේතුවෙන් ඇතිවූ ගංවතුරින් ඊසාන දිග ඉතාලියේ එමීලියා රොමන්ගා කලාපයේ 36,000 ක පමණ පිරිසකට උන්හිටි තැන් අහිමිව තිබේ.

මෙම තත්ත්වය මත මියයෑම් 14ක් වාර්තා වන අතරම නාය යෑම් 305ක්ද වාර්තා වී ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කර සිටී . එමෙන්ම මහා මාර්ග 500 ක් පමණ ද විනාශ වී ඇත.  නගර බොහෝමයක්ම තවමත්ම ජලයෙන් යටව පවතී

සහන සැලසීමේ කටයුතු වල යෙදී සිටි සිව්දෙනෙකු ගෙන් යුත් හෙලිකොප්ටර් යානාවක් ද මෙහිදී යම් කාර්මික දෝෂයකට ලක්ව ලූගෝ නගරය ආසන්නයේ කඩා වැටීමෙන් එක් අයෙකු තුවාල ලබා ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

‌ගංවතුරට හසුවූ පුස්තකාලයක තිබූ වටිනා දුර්ලභ  පොත්පත් විශාල ප්‍රමාණයක් ද විනාශ වී ඇති බවයි විදෙස් මාධ්‍යයන් වාර්තා කර ඇත්තේ.

මෙවැනි ගංවතුර තත්ත්වයක් ඉතාලියට බලපා ඇත්තේ බොහෝ කාලයකට පෙර බව එහි වැසියන් සඳහන් කරයිි. ගංවතුරට හසුවූ ප්‍රදේශවාසීයෙකු පවසා ඇත්තේ  "මෙහි ඇතැම් අය අවුරුදු 100ට ආසන්න කාලයක වයස් වල පසුවන්නන්. අපි කවුරුත් අපේ ජීවිත කාලයටම මෙවැනි දේකට මුහුණ දීලා නෑ" යනුවෙනි.

(චායාරූප - විදෙස් මාධ්‍ය )

Latest