Skip to content

මුහුදු හක් බෙල්ලන් 3600 ක් පොලිස් බාරයට.

මුහුදු මාර්ගෙයන් ඉන්දියාවට රැගෙන යාම සදහා සුදානම් කර තිබූ මුහුදු හක් බෙල්ලන් 3600 ක් ගබඩා කර ගෙන සිටි බව කියන සැකකරුවන් දෙදෙනෙකුව කල්පිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

21 වැනිදා පෙරවරුවේ කල්පිටිය - අල් මන්නාරම් ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

හක් බෙල්ලන් ගබඩා කර තබා ගෙන සිටියදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ කල්පිටිය - අල් මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකුව.සැකකරුවන් විසින් ගබඩා කර ගෙන සිටි මුහුදු හක් බෙල්ලන් තොගයද පොලිස් බාරයට ගෙන ඇත.හක් බෙල්ලන් ළග තබා ගැනීම සදහා බලපත්‍රයක් සැකකරුවන් සතුව තිබී නැත.

හක් බෙල්ලන් තොගය බෝට්ටු දෙකකින් මුහුදු මාර්ගය ඔස්සේ ඉන්දියාවට රැගෙන යාමට සුදානම් කර තිබූ බව සැකකරුවන් පොලීසිය හමුවේ පවසා ඇත.

පොලිස් විශේෂ කාර්යංශයේ කල්පිටිය ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදු කර ඇත.

සැකකරුවන් සහ හක් බෙල්ලන් තොගය පුත්තලම මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Latest