Skip to content

උක් වගා කරන්න උතුරේ අක්කර 30,000 ක් පුද්ගලික අංශයට.

උක් වගා කිරීම සදහා වව්නියාව, කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රික්ක වල ඇති රජයේ ඉඩම් අක්කර 30,000 ක පමණ ප්‍රමාණයක් පුද්ගලික සමාගමකට ලබා දීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.

ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති ඒ සම්බන්ධයෙන් වන යෝජනාවට පසුගිය 26 වැනිදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිවී ඇත.

වව්නියාව, නයිනමඩු ප්‍රදේශයේ අති රජයට අයත් අක්කර 492 ක ප්‍රමාණයක්ද සීනි නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ඉදිකිරීම සදහා පුද්ගලික අංශයට ලබා දීමටද නියමිත බවද රජයේ අභ්‍යන්තර මාර්ග සදහන් කරයි.

1983 වසරේ පැවති වාතවරණය හමුවේ උතුරේ පදිංචිව සිටි පවුල් රැසක් තම ගම් බිම් හැර ගිය බවත්, ඔවුන්ට තවමත් එම ප්‍රදේශ වල පදිංචියට යාමට නොහැකි තත්ත්වයක සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.යුධ මුක්ත කලාපයක් සදහා යැයි පවසා මුලතිව් - කොක්කුතුඩුවායි බටහිර ප්‍රදේශයේ ඇති  සින්නකුලම්, මුන්දරෙයිකුලම්, ආමයාන්කුලම්, සාම්බන්කුලම්, තට්ටමාලෙයිකුලම්, පරයනාරු හා සුරියනාරායන් වෙල් යායද,වව්නියාවේ කොක්කච්චාන් සහ කච්චල් සමන්කුලම් යන ප්‍රදේශද ඒ අතර වන බව මන්ත්‍රීවරයා සදහන් කරයි.

Latest