Skip to content

හෙද හෙදියන් 3,315 ක් සේවයට.

පුහුණුව නිම කළ හෙද හෙදියන් 3,315 දෙනෙකු අතරින් තෝරා ගත් පිරිසකට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කරන ලදි.සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේදී මෙම පත්වීම් ලිපි ප්‍රදානය කිරීම සිදු කරන ලදි.

2020 වසරේදී පුහුණුවීම් සදහා හෙද විද්‍යාල වලට මෙම කණ්ඩයම එක්වී ඇත. මෙම පිරිස 2018/19 වසර වලදී අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගට පෙනී සිට සමත්වූ සිසු සිසුවියන් වේ.හෙද පුහුණුව ලැබූ කොළඹ දිස්ත්‍රික්කයේ අයට පමණක් ඇමතිවරයා අතින් පත්වීම් ලිපි ලබා දුන් අතර, දිවයිනේ පිහිටි තවත් හෙද විදුහල් 15 කදී පත්වීම් ලිපි ප්‍රදානයද මීට සමගාමීව සිදු කරන ලදි.

ඒ අනුව අම්පාර 200 ක්,අනුරාධපුර 162 ක්, බදුල්ල 227 ක්, මඩකළපුව 165 ක්, කොළඹ 225 ක්, ගාල්ල 321 ක්, හම්බන්තොට 200 ක්, යාපනය 96 ක්, කළුතර 219 ක්, කඳාන 299 ක්, මහනුවර 350 ක්, කුරුණෑගල 395 ක්, මාතර 175 ක්, රත්නපුර 175 ක්, වව්නියාව 106 ක් වශයෙන්ද හෙද විදුහල් වලින් රෝහල් වල සේවයට එක් කර ඇත.

Latest