වවුනියාව දිස්ත්‍රික්කය තුළ ඉකුත් 2022 වසර තුළ 2095 දෙනකු විදෙස් සේවානියුක්ති කාර්යාංශය දත්ත වලට අනුව විදෙස් ගත ඇති බව එම කාර්යංශ දත්ත පෙන්වා දෙයි. එමෙන්ම 2023 වසරේ ජුනි මාසය දක්වා පුද්ගලයින් 1032 කු විදෙස් ගතව තිබේ.
කෙසේ වෙතත් මෙම දත්ත වලට අනුව 2022 වසර තුළ කාන්තාවන් 929 කු පිරිමි 1166 දෙනකු හා 2023 වසරේ ජුනි මස දක්වා කාන්තාවන් 443 ක් පිරිමි 589 කු ලෙස විදෙස්ගතව තිබේ.
මෙම පිරිස අතුරින් ඉකුත් 2022 වසර තුළ පුද්ගලයින් 16 දෙනකු විවිධ පීඩාවන්ට පත්ව මෙරටට පැමිණ ඇති අතර 2023 වසරේ ජුලි මස දක්වා කාළය තුළ පුද්ගලයින් එක් අයෙකු පමණක් පීඩාවන්ට පත්ව මෙරටට පැමිණ තිබේ.
කෙසේ වෙතත් දැනට මෙරටට පැමිණීමට නොහැකිව වවුනියාව දිස්ත්‍රික්කයෙන් විදෙස්ගතවු පුද්ගලයින 23 කු සිටින බව විදෙස් සේවා නියුක්ති කාර්යංශ දත්ත පෙන්වා දෙයි.
කෙසේ වෙතත් මෙම ප‍්‍රදේශ වල ඉකුත් 2022 වසරේ සිට 2023 දක්වා කාළය තුළ විදෙස්ගත වුවන්ගෙන් තොරාගත් පිරිසකගෙන් සිදු කළ විමසීමකදී ඔවුන් මෙරට තුළ පවතින ආර්ථික අර්බුධය හමුවේ මෙසේ විදෙස් ගතවු බව පෙන්වා දෙයි මෙම ප‍්‍රදේශ වල මේ වන විට රැකියා අපෙක්ෂාවෙන් විදෙස් ගත වන තරුණ තරුණියන් ප‍්‍රමාණය ඉහළ ගොස් තිබේ.
වවුනියාවේ 23 ක් තාඩන පීඩන වලට ලක්ව මෙරටට පැමිණීමට නොහැකිව විදෙස් රටවල..
