ජනාධිපතිවරණයටත් බිළියන 11ක්
මෙම ඔක්තොම්බර් මාසය තුලදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 2024 විසර්ජන පනත් කෙටුම්පතට අනුව රජයේ වියදම රුපියල් බිලියන 3,860 ක් ලෙස සටහන් වන අතර එය 2023 වසරට සාපේක්ෂව රුපියල් බිලියන 203ක වැඩිවීමක් පෙන්නුම් කරයි.
2024 විසර්ජන පනත් කෙටුම්පතින් වැඩිම මුදලක් වෙන්කොට ඇත්තේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පලාත් සභා සහ පලාත් පාලන අමාත්‍යංශය වෙනුවෙනි. ඒ සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 886කි.
2024 විසර්ජන පනත් කෙටුම්පත මගින් එළැඹෙන වසරේ ඔක්තෝබර් මසදී ජනාධිපතිවරණයක් පැවැත්වීම සදහා මැතිවරණ කොමිසමට රුපියල් බිලියන 11ක මුදලක්ද වෙන්කර තිබේ.