Skip to content

2023 වසරේ උතුරු නැගෙනහිර මුහුදු සීමාවේදී කොටුවුන ඉන්දීය ධීවරයින්

2023 වර්ෂයේ මේ දක්වා උතුරු නැගෙනහිර මුහුදු සීමාවේදී  සිදුකළ මෙහෙයුම් මඟින් අනවසරයෙන් එම මුහුදු සීමාවන් වෙතට ඇතුලු වී මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රා 14 ක් සහ ඉන්දීය ධීවරයින් 93 ක් අත්අඩංගුවට ගෙන තීතිමය පියවර ගත් බවට නාවික හමුදාව පවසයි..

මේ අතර  නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත හතරවන වේග ප්‍රහාරක යාත්‍රා බලඝණයේ වේග ප්‍රහාරක යාත්‍රාවක් යොදවා එම ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීමේ විශේෂ මෙහෙයුමක් සිදු කෙරිණි..

එහිදී, මුලතිව් අලම්පිල් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රාවක්  සමඟ ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රාව  සහ එහි සිටි ඉන්දීය ධීවරයින් දස දෙනා ත්‍රීකුණාමලය වරාය වෙත රැගෙන එන ලද අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව මඟින් ත්‍රීකුණාමලය, සහකාර ධීවර අධ්‍යක්‍ෂ කාර්යාලය වෙත භාරදීමට නියමිතව ඇත.

එමෙන්ම මෙතෙක් අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් ධීවර පරික්ෂක කාර්යාලයන් හරහා අධිකරණයන් වෙතට යොමු කොට බන්ධනාගාරගත කිරීම මෙන්ම ධීවර යාත්‍රා රාජසන්තක කිරීම සිදුකොට ඇති බවටද නාවික හමුදාව වැඩිදුරටත් පැවසීය.

Latest