Skip to content

2023 ආසියා කුසලානයේ තරඟ කාල සටහන නිකුත්වේ

ආසියා ක්‍රිකට් කවුන්සිලය මඟින් මේ වන විට 2023 වසරේ පැවැත්වීමට නියමිත 16 වන ආසියා කුසලානයට අදාළ තරඟ කාල සටහන නිකුත් කර ඇති අතර ඒ අනුව තරඟාවලිය මෙම වසරේ අගෝස්තු 31 වන දා ආරම්භ වී සැප්තැම්බර් මස 17 වන දා අවසන් වේ.

විශේෂයෙන් 2023 ලෝක කුසලානය ද පැවැත්වීමට නියමිතව ඇත්තේ එක්දින තරඟ ආකෘතියෙන් බැවින් එයට ද පෙර පුහුණුවක් වශයෙන් ආසියා ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත්තේ ආසියා කුසලානය ද එක්දින තරඟ ආකෘතියෙන් පැවැත්වීමටය.  පාකිස්තානය, නේපාලය, ඉන්දියාව, ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව වශයෙන් කණ්ඩායම් හයක් ආසියා කුසලානය දිනා ගැනීම සඳහා අගෝස්තු මස 31 වන දින තරඟ බිමට පිවිසෙනු ඇත.

තරඟාවලියේ සම්පූර්ණ තරඟ 13 ක් පැවැත්වෙන අතර ශ්‍රී ලංකාව සහ පාකිස්තානය මෙහිදී ආසියා කුසලානය සඳහා සත්කාරකත්වය දරයි. විශේෂයෙන් තරඟාවලිය සම්බන්ධයෙන් පාකිස්තාන ක්‍රිකට් කවුන්සිලය මුල් අවස්ථාවේ ප්‍රකාශ කර සිටියේ ඔවුන්ට ඉන්දියාවේදී ක්‍රීඩා කළ නොහැකි බවත් සහ එම නිසා මේ සඳහා දෙමුහුම් ආකෘතියක් භාවිත කරන ලෙසය. නමුත් රට රටවල් අතර සංචාරය කිරීම සිය කායික මානසික ශක්තියට බාධාවක් හෙයින් ශ්‍රී ලංකාව, බංග්ලාදේශයේ සහ ඇෆ්ගනිස්තානය මෙම දෙමුහුම් ආකෘතිය මුල් අවස්ථාවේ ප්‍ර්තික්ෂේප කරන ලදී.

කෙසේ නමුත් නැවත වරක් පාකිස්තානය කියා සිටියේ සිය රට තුළ තරඟ කිහිපයක් හෝ පවත්වන්නේ නැතිනම් තමන් තරඟාවලියෙන් ඉවත්වන බවය. මේ සියළු කරුණු සලකා බලා ආසියා ක්‍රිකට් කවුන්සිලය තීරණය කරන ලද්දේ තරඟ හතරක් පාකිස්තානයේදී පැවැත්මට සහ ඉතුරු තරඟ නවය ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමටය. එහිදී ඉන්දියාව සහ පාකිස්තානය අතර තරඟ පැවැත්වෙනුයේ ශ්‍රී ලංකාව තුළය.
ආසියා කුසලානය සඳහා Hotstar, Jeo cinema, Amazon prime සහ Star sport අනුග්‍රහය දක්වන අතර ආසියා ක්‍රිකට් කවුන්සිලය නිකුත් කර ඇති ආකාරයට තරඟ පැවැත්වෙනුයේ පහත සඳහන් අයුරිනි.

ආගෝස්තු 31 වන දා ඉන්දියාව සහ පාකිස්තානය අතර තරඟය - ශ්‍රී ලංකාවේ දී

සැප්තැම්බර් 01 වන දා ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තරඟය - පාකිස්තානයේ දී

සැප්තැම්බර් 02 වන දා බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය අතර තරඟය - පාකිස්තානයේ දී

සැප්තැම්බර් 03 වන දා ඉන්දියාව සහ නේපාලය අතර තරඟය - ශ්‍රී ලංකාවේ දී

සැප්තැම්බර් 04 වනදා ශ්‍රී ලංකාව හා බංග්ලාදේශයේ අතර තරඟය - පාකිස්තානයේ දී

සැප්තැම්බර් 05 වන දා පාකිස්තානය සහ නේපාලය අතර තරඟය - ශ්‍රී ලංකාවේ දී

සැප්තැම්බර් 06 - B1 සහ B 2 අතර ශ්‍රී ලංකාවේ දී

සැප්තැම්බර් 07 - A1 සහ A 2 අතර ශ්‍රී ලංකාවේ දී

සැප්තැම්බර් 09 - A1 සහ B1 අතර ශ්‍රී ලංකාවේ දී

සැප්තැම්බර් 11 -  A 2 සහ B2 අතර ශ්‍රී ලංකාවේ දී

සැප්තැම්බර් 13 - A 1 සහ B 2 අතර ශ්‍රී ලංකාවේ දී

සැප්තැම්බර් 15 - B 1 සහ A 2 අතර ශ්‍රී ලංකාවේ දී

සැප්තැම්බර් 17 අවසාන මහා තරඟය ශ්‍රී ලංකාවේ දී

මේ වනවිට ආසියානු කුසලාන තරඟාවලි 15 ක් පවත්වා ඇති අතර ඉන් ආසියානු කුසලාන 7 ක ජය ඉන්දියාවට ද කුසලාන 6 ක ජය ශ්‍රී ලංකාවට සහ කුසලාන 2 ක ජය පාකිස්ථානයට ද හිමි වී ඇත. එහිදී වැඩිම අවසන් මහා තරඟ ප්‍රමාණයක් ක්‍රීඩා කර ඇත්තේ ශ්‍රී ලංකාවයි.

Latest