Skip to content

පොල් වනසන රිලා උවදුර.

හෙක්ටර් කොබ්බැකඩුව ගොවි පර්යේෂායතනයේ ගොවි පර්යේෂණයට අනුව ගෙවී ගිය 2022 වසරේ පමණක් රිලවුන් කා දැමීම හේතුවෙන් පොල් ගෙඩි මිලියන 200 ක් පමණ විනාෂ වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසා සිටියි.

රිලවුන්ට අමතරව දඩුලේනාද සැලකිය යුතු වශයෙන් පොල් ඇතුලු කෘෂිකර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල කොට ඇති අතරම පොල් වලට අමතරව එලවළු, වී, කෙසෙල්, රටකජු, අඹ ඇතුලු පළතුරු වර්ග විශාල ප්‍රමාණයක් මෙම සතුන් හේතුවෙන් හානි සිදුව ඇතැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියි.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාලක බංඩාර කොට්ටේගොඩ රාජික වික්‍රමසිංහ, උදය කිරිඳිගොඩ යන අයද පාර්ලිමේන්තුවේද මෙම රිලවුන්ගේ තර්ජනය සම්බන්ධයෙන් අදහස් පලකර සිටියේ මේ අයුරින්,

‘පාලනයකින් තොරව අපේ රටේ සිදුවන මේ රිලව් ගහනය නිසාවෙන් ජෛව විවිධත්වයටත් බලපෑමක් එල්ල වෙලා තිබෙනවා, විශේෂයෙන්ම මේ රිලව් ගහනය වැඩිවීම හේතුවෙන් ඔවුන්ට ආහාර හිගයක් ඇති වෙනවා, මේ ආහාර හිඟය නිසා රිලවුන් විසින් වෙනත් සතුන්ගේ කුරුල්ලන් ලේනුන් වැනි සතුන්ගේ පැටව් කන්න අරන් තියනවා, කැලෑවේ පිපෙන මල් කන්න පටන් අරන් තියෙනවා,

එදා ගම්මානවල ජනතාව 100% ක් ආදායම ලැබුවනම් අද එය 50% ක් දක්වා අඩුවෙලා තියෙන්නේ මේ රිලවුන්ගේ ගහනය වැඩිවීම නිසා මේක රටේම තිබෙන දැඩි ප්‍රශ්නයක්.

ඇත්ත වශයෙන්ම මේ රිලවුන්ගෙන් මේ රටේ සිදුවන හානි පිළිබඳව කිසියම් පාර්ශවයන් විසින් අධ්‍යනයන් කරල තියනවද කියල හොයල බැලුවහම බොහොම සුලු ප්‍රමාණයක් තමයි අධ්‍යනයන් කරල තියෙන්නේ. යනුවෙනි.

Latest