බස්නාහිර පළාතේ ධාවනයේ යෙදවීමට විද්‍යුත් බස් රථ 200ක් ආනයනය කිරීම සඳහා ආයෝජකයන්ට අවස්ථාව ලබාදී තිබේ.
ඒ, ප්‍රවාහන අමාත්‍යාංශයේ මූලිකත්වයෙනි.
මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට විද්‍යුත් බස්රථ ධාවනය ආරම්භ කිරීමේ නියමු ව්‍යාපෘතිය යටතේ ශ්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලය සමඟ ඒකාබද්ධව බස්නාහිර පළාත තුළ විද්‍යුත් බස් රථ 200ක් ධාවනය කිරීමට සැලසුම් කර තිබෙන බවත්, 2030 වසර වන විට ලෝකයේ සියලුම පොදු ප්‍රවාහන කේෂ්ත්‍රය පොසිල ඉන්ධන භාවිතයෙන් තොර වන බවට වූ ලෝක සම්මුතිය අනුව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර තිබෙන බවත් විෂය භාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.
“බස්නාහිර පළාතේ ධාවනය වෙනුවෙන් විද්‍යුත් බස් රථ 200ක් ගෙන්වීමට ආයෝජකයන්ට අවස්ථාව ලබා දී තිබෙනවා. එම ව්‍යාපෘතිය වෙනුවෙන් මේ දිනවල ආයතනවලින් අභිලාෂයන් කැඳවා තිබෙනවා. දේශීය හා විදේශීය වශයෙන් හවුල් ව්‍යාපාරයක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි. එසේම විදුලි ආරෝපණ මධ්‍යස්ථාන (Charging Point) ස්ථාපිත කිරීම සඳහාත් එම ආයෝජකයන්ට අවස්ථාව ලබාදී තිබෙනවා. අනතුරුව බස් රථ ධාවනයෙන් ලැබෙන ආදායමෙන් ආයෝජකයාගේ ආයෝජන ප්‍රාග්ධනයට සාධාරණයක් ඉටු කරනවා. නිශ්චිත කාලයක් තුළ ආයෝජකයාගේ ආයෝජිත මුදල ගෙවීමෙන් පසුව බස් රථවල අයිතිය රජයට හිමි වෙනවා. මේ සඳහා ආයෝජනය කිරීමට ලෝකයේ ඕනෑම රටකට ද අවස්ථාව තිබෙනවා.2030 වන විට ලෝකයේ සියලුම පොදු ප්‍රවාහන පොසිල ඉන්ධන භාවිතයෙන් තොරව, විදුලියෙන් ධාවනය කරන තත්ත්වයට පත් කළ යුතුයි කියා ලෝක සම්මුතියක් තිබෙනවා. පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමට කාබන් වෙළෙඳාමට සම්බන්ධ අය මේ සඳහා ආයෝජනය කරනවා. විද්‍යුත් බස් රථ මගින් පරිසරයට විශාල අගයක් ලැබෙනවා. එම අගයට ලෝකයේ විවිධ සංවිධාන ඉහළ මිලක් ගෙවනවා.'' යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.