Skip to content

රුපියල් 2,000,000.00 ක මුදලක් අපතේ යැවු මල්මඩුව ගොඩනැගිල්ල.


වවුනියාව මල්මඩුව ප‍්‍රදේශයේ ඉකුත් 2020 වසරේදී පමණ ඉදි කරණ ලද වෙළද සංකීරණ ගොඩනැගිල්ලක් අද වන විට කිසිදු ප‍්‍රයෝජනයක් ගත නොහැකි නටබුන් ගොඩක් බවට පත්ව තිබෙන අයුරු දක්නට ලැබේ.
ඒ අනුව අදාල ගොඩනැගිල්ල පිළිබද වවුනියාව දකුණු සිංහල ප‍්‍රාදෙශිය ලේකම් කාර්යාලය මගින් තොරතුරු දැනගනීමේ පනත යටතේ සිදු කළ විමසීමකදී ඔවුන් එහි ඇස්තමේනතු ගත මුදල එවකට රුපියල් 2, 000, 000. 00 බවත් ගිවිසුම්ගත මුදල රුපියල් 1, 960, 000. 00 ක් බවටත් පෙන්වා දෙන ලදි.
කෙසේ වෙතත් එහි මුල් අධියර වශයෙන් කොන්ත‍්‍රාත් කරුවන් වෙනුවෙන් 1,163, 434. 00 ක මුදලක් නිකුත් කොට ඇති අතර දෙවන කාර්තුවේදී 355,920.00 ක මුදලක් නිකුත් කොට තිබේ.
මෙම ගොඩ නැගිල්ල එහිදී වහල මට්ටම දක්වා ඉදි කොට වහල ගසා තිබු අතර පසුව 2020 වසරේ ඇතිවු සුළි සුලං තත්වයක් හමුවේ එහි වහල කැඩි විනාශවිය.
කෙසේ වෙතත් එම ගොඩ නැගිල්ල ඉදි කිරීමට වැය කළ මුදල් මේ වන විට ගගට කැපු ඉනි මෙන් නිකරුනේ නාස්ති වෙමින් පවති. එම ගොඩ නැගිල්ල අදල වන විට කිසිදු ප‍්‍රයෝජනයකට ගත නොහැකි ලෙස වල් බිහිවි පල රහිත වැය කළ මුදලත් අපතේ යවා ඇති ව්‍යාපෘතියක් බවට පත්ව තිබේ.
ප්‍රදේශවාසීන් ඉල්ලා සිටින්නේ අදාල ගොඩනැගිල්ල තමන්ට ප්‍රයෝජනයක් ගත හැකි මට්ටමට සකස් කොට ලබා දෙන ලෙසයි.

Latest