රටේ පවත්නා නීතියට අනුව සිවිල් පරිපාලන කටයුතු විධිමත්ව හා විනිවිද බාවයකින් යුතුව පවත්වාගැනීම වෙනුවෙන් අපරාධයන් මැඩලීම සඳහා පොලීසිය විසින් විශේෂ වැඩසටහන් කිහිපයක්ම ක්‍රියාවට නංවා ඇතැයි එම දේපාර්තමේන්තුව පවසයි.
මේ අනුව සමාජ විරෝධී ක්‍රියාවන් කහිපයක් මැඩලීම වෙනුවෙන් කෙටි දුරකතන අංකයක් මහජනතාවට හඳුන්වා දීම සිදුකරනු ලැබීය.
1997 යන මෙම කෙටි දුරකතන අංකය මගින් ඔනෑම ප්‍රදේශයක සිටින අයෙකුට සමාජ විරෝධී ක්‍රියාවන් පැතිකඩ කිහිපයක් ඔස්සේ දැනුම් දීමට හැකියාව පවතිය. එහිදී ප්‍රධාන අංශ 4ක් පිළිබඳව පොලීසියේ දැඩි අවධානය යොමු කරන බවටත් වහාම නිලධාරීන් ක්‍රියාත්මක වන බවටද දැනුම් දී ඇත.මේ අනුව එම අංශයන් වශයෙන්

* විෂ මත්ද්‍රව්‍ය (විවිධ වූ මත්කුඩු, අයිස්, මත්පෙති ආදිය පිළිබඳව)
* සංවිධානාත්මක අපරාධ (ප්‍රදේශයේ ක්‍රියාත්මක රහසිගත මැර කල්ලි සහ ඔවුන්ගේ අපරාධ පිළිබඳව)
* මහා පරිමාණ පාරිසරික හානි (තනව හෝ සංවිධානාත්මක වශයෙන් සිදුකෙරන රක්ෂිත දැව ජාවාරම් පිළිබඳව)
* උසස් අධ්‍යාපන ආයතනවල ක්‍රියාත්මකවන නවක වද සිද්ධීන් පිළිබඳ තොරතුරු දැනුම්දිය හැකිය.
ආදි වශයෙනි.