පසුගිය මාස 08 තුළ පමණක් රටේ ජනතාව රුපියල් කෝටි 19,000ක රන් භාණ්ඩ උකස් කර ඇති බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ කියයි.
ඒ අනුව රටේ ජනතාව ආර්ථික අර්බුදය හමුවේ ජීවත් වීම සදහා දැඩි අරගලයකට මුහුණ දී සිටින බව මෑතකදී සිදුකරන ලද සමීක්ෂණ වාර්තාවකින් හෙළි වු බව කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වසන්ත සමරසිංහ මේ බව සඳහන් කලේය.
රටේ පවුල් ලක්ෂ 11ක් මේ වන විට සිය නිවසේ තිබූ භාණ්ඩ විකුණා ඇති බවට හෙළිව ඇති බවත් තම නිවෙස්වල තිබූ මාරු කාසි මුදල් කැට ලක්ෂ පහකට වැඩි ප්‍රමාණයක් බැංකු වලට රැගෙන ගොස් ඇති බවද මේ සමීක්ෂණය මගින් හෙලීවී ඇතැයි වසන්ත සමරසිංහ වැඩිදුරටත් කියයි.