Skip to content

ගයානාවේ පාසලක ඇති වූ ගින්නකින් ළමුන් 19ක් මරුට

මධ්‍යම ගයානාවේ පාසලක් තුල පිහිටි නේවාසිකාගාරයක 22 දින හදීිසියේ ඇති වූ විශාල ගින්නක් හේතුවෙන් එයට මැදි වූ පාසල් ළමුන් 19 දෙනෙකු මියගොස් ඇතැයි දකුණු ඇමරිකානු රජය පවසයි.

ජෝර් ජ් අගනුවරට දකුණු දෙසින් කිලෝමීටර් 320 ක් පමණ ඈතකින් පිහිටි මෙම පාසලේ වයස අවුරුදු 12ත් 18 ත් අතර වයස්හි පසුවන ළමුන් නේවාසිකව නැවති සිටි අවස්ථාවක 22 අලුයම් කාලයේදී මෙම ගින්න ඇතිව තිබේ.

ගින්න ඇතිවීමෙන් පසුව ගිනි නිවන බටයින් එම ස්ථානයට පැමිණ දැඩි පරිශ්‍රමයක් දරා නේවාසිකාගාර ගොඩනැගිල්ලේ බිත්තියක් කඩා එය තුලට ඇතුල් වී ළමුන් 20 ක් පමණ බේරාගැනීමට සමත්ව තිබුණි.

ගින්න හේතුවෙන් ළමුන් 11 දෙනෙකු පිලිසුම් තුවාල ලබා රෝහලගත කෙට ඇති අතර ඉන් සිව් දෙනෙකුගෙ තත්වය බරපතල බවටද වාර් ථා වෙයි. එමෙන්ම ගිනිගැනීම හේතුවෙන් ගින්නට මැදි වූ ළමුන්ගෙන් 14 දෙනෙකු එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර 05 දෙනෙකු රෝහල්ගතකිරීමෙන් පසුව මිය ගොස් තිබුණි.

ගින්න ඇති වූ අවස්ථාවේදී වර් ෂාවද ඇති වූ  හෙයින් තුවාලලත් ළමුන් පාසල් වෙතට ගුවනින් රැගෙනයාමටද බාධා එල්ලවී තිබුණු අතරම ළමුන්ගේ දෙමාපියන් සහ භාරකරුවන්ද සම්බන්ධ කරගැනීමට අපහසු වූ බවද වාර් ථා වෙයි. කෙසේ වෙතත් ජනාධිපති ඉෆ්රාන් අලී විසින් නිවේදනය කොට තිබුනේ මෙම  ඛේදවාචකය භයානක සහ වේදනාකාරී සිදුවීමක් බවටත් මෙවැනි ඛේදවාචකයන් ඇති වූවේ කෙසේදැයි සොයාගත යුතු බවටත් අනාගතයේදී එවැන්නක් යලි සිදු නොවීමට සියලු දෙනා වගබලාගත යුතු බවටත්ය.

තුවාල වූ පාසල් ළමුන් රැගෙන යාමට පැමිණි ගුවන් යානයක් (ඡායාරූප සැපයුම[Royston Drakes/AFP] and [Guyana's Department of Public Information via AP])

Latest