Skip to content

චීන වරායෙන් ඇල්ලූ ජෙලට්නයිට් පුරණද්‍රව්‍ය ජාවාරම

ත්‍රීකුණාමලය චීන වරාය ප්‍රදේශයේ නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සිදුකල සෝදිසි මෙහෙයුමකදී ජෙලට්නයිට් පුපුරණද්‍රව්‍ය කූරු 95 ක් විකිණීමට උත්සහ ගත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

නැගෙනහිර නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් සහ කන්තලේ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් පිරිසක් විසින් චීනවරාය මුහුදු වෙරල ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක නිරත වූ අවස්ථාවේදී අදාල පුපුරණද්‍රව්‍ය තොගය තවත් පිරිසකට විකිණීමට රැගෙන යමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු

මෙම පුපුරණද්‍රව්‍ය ප්‍රදේශයේ ධීවරයින්ට විකිණීම සඳහා සැකකරු උත්සහ කොට ඇති අතර මෙලෙස පුපුරණද්‍රව්‍ය ධීවරයින් වෙතට විකුණන ජාවාරමක් පිළිබඳවද නාවික හමුදාවට තොරතුරු ලැබී ඇත.

මෙම පුපුරණද්‍රව්‍ය යොදා ධීවරයින් විසින් නීතිවිරෝධීව මුහුදේ මසුන් ඇල්ලීම සිදුකරන අතර පුපුරණද්‍රව්‍ය පුපුරවා හැරීමෙන් විශාල මසුන් ප්‍රමාණයක් අල්ලා ගැනීම සඳහා මෙලෙස පුපුරණද්‍රව්‍ය යොදාගන්නා බවට නාවික හමුදාව සැකපල කර සිටියි.

එමෙන්ම මෙලෙස පුපුරණද්‍රව්‍ය භාවිතය හේතුවෙන් සාගරයේ මත්ස්‍ය සම්පත මෙන්ම සාගර සම්පත්ද විනාශ වන බැවින් එය නීතිවිරෝධී කටයුත්තක් වන අතර චීන වරාය ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි අත්අඩංගුවට ගත් සැකකරු හා හා පුපුරණද්‍රව්‍ය තොගය නාවික හමුදාව විසින් චීනවරාය පොලීසියට භාරදීමට පියවර ගනු ලැබීය.

Latest