Skip to content

විෂ වායු කාන්දුවීමක් හේතුවෙන් දකුණු අප්‍රිකාවේ පුද්ගලයන් 17 දෙනෙකු ජීවිතක්ෂයට.

ඡායාරූප මූලාශ්‍ර විදෙස් මාධ්‍ය තුලිණි.

දකුණු අප්‍රිකානු රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ එරට පිහිටි අවිධිමත් ජනාවාස කඳවුරක සිදුවූ ගෑස් කාන්දුවක් හේතුවෙන් නයිට්‍රේට් වායුව ආශ්වාස වී පුද්ගලයන් 17 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි. මිය ගිය අයවලුන් අතර කුඩා දරුවන්ද වන බව වාර්තා වී තිබේ. ආපදා සහ හදිසි කළමනාකරණ සේවා ප්‍රකාශක William Ntlad විදෙස් මාධ්‍ය වෙත කරුණු දක්වා ඇත්තේ මෙකී අවිධිමත් ජනාවාසයේ නයිට්‍රේට් ඔක්සයිඩ් අඩංගු ගෑස් සිලින්ඩරයකින් කාන්දුව සිදුවී ඇති බවටයි. ඔහු විසින් වැඩිදුරටත් පවසා ඇත්තේ මෙම කාන්දුව ප්‍රදේශයේ අනවසර පතල් කැණීම්වලට සම්බන්ධ විය හැකි බව මූලික විමර්ශනවලින් පෙනී යන ආකාරයක් ද දක්නට ඇති බවයි.

නීතිවිරෝධී පතල් කැණීම්වලට සම්බන්ධ බවට සැක කෙරෙන ගෑස් කාන්දුවක් සිදුවූ ස්ථානය විමර්ශනය කිරීමෙන් අනතුරුව,ස්ථානය:දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් හි නැගෙනහිර බොක්ස්බර්ග් අසල, දිනය​: 2023 ජූලි 6

රත්‍රන් ලබා ගැනීම සඳහා නීති විරෝධී කැණීම් සිදුකිරීම​ දකුණු අප්‍රිකාවේ සුලබ කර්මාන්තයක් වී තිබේ. එරට​ ඛනිජ හා බලශක්ති සම්පත් දෙපාර්තමේන්තුව දක්වා ඇති ආකාරයට පසුගිය මාසයේ අසල්වැසි ලෙසෝතෝ හි ජාතිකයන් යැයි විශ්වාස කරන නීතිවිරෝධී පතල් කම්කරුවන් 31 දෙනෙකු පමණ කැණීම් අතරතුරදී මිය ගොස් ඇත​.

ඉහත සිදුවීම සම්බන්ධයෙන් සෝදිසි කිරීම් සහ මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බව අදාළ බලධාරීන් දක්වා සිටී.

Latest