Skip to content

ඩොලර් ලක්ෂ 15 ක් අහිමි කළ ඛණිජ වැලි ගණූ දෙණුව.

ඉල්ලුම් කර තිබූ මිලට වඩා අඩු මිලකට ඉල්මනයිට් මෙට්‍රික් ටොන් 85,000 ක් අලවි කිරීමෙන් රජයට ඇමරිකාණු ඩොලර් 1,547,000 ක් අහිමිවී ඇති බව රජයේ විගනන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති වාර්තාවක සදහන් වේ.

ලංකා ඛණිජ වැලි සමාගම සම්බන්ධයෙන් 2020 වසර සදහා රජයේ විගනන දෙපාර්තමේන්තුව වවිසින් නිකුත් කර ඇති වාර්තාවක මේ බව සදහන් වේ.

ලංකා ඛණිජ වැලි සමාගමට අයත් ඉල්මනයිට් මෙට්‍රික් ටොන් 85,000 ක් අලවි කිරීම සදහා 2020 වසර තුළ ටෙන්ඩර් පත් කැදවීමක් සිදු කර ඇත. එම කැදවීමට අනුව ටෙන්ඩර් පත් 04 ක් ලැබී තිබී ඇත.

එහිදී ඉල්මනයිට් මෙට්‍රික් ටොන් 01 ක් ඇමරිකාණු ඩොලර් 165.20 කට එක් ආයතනයක් ඉල්ලුම් කර තිබී ඇත. ඒ ඉල්මනයිට් මිලදී ගැනීම සදහා කර ඇති වැඩිම ලංසුව වේ. එක් ආයතනයක් ඉල්මනයිට් මෙට්‍රික් ටොන් 01 ක් ඇමරිකාණු ඩොලර් 163 කට සහ තවත් ආයතනයක් ඉල්මනයිට් මෙට්‍රික් ටොන් 01 ක් ඇමරිකාණූ ඩොලර් 163 කට ඉල්ලුම් කර තිබී ඇත. නමුත් ඉල්මනයිට් අලවි කිරීම සදහා වන ටෙන්ඩරය ප්‍රදානය කර ඇත්තේ මෙට්‍රික් ටොන් 01 ක් ඇමරිකාණු ඩොලර් 147 කට ඉල්ලුම් කර ඇති ලංසුකරුට බවද විගනන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති වාර්තාවේ සදහන් වේ. ඒ ඉල්මනයිට් මිලදී ගැනීම සදහා ඉරිපත් කර තිබූ අඩුම ලංසුව වේ.

මෙම ටෙන්ඩර් ප්‍රදානය හේතුවෙන් මෙරට ඉල්මනයිට් අලවි කිරීමේදී එක් අවස්ථාවකදී පමණක් ඇමරිකාණු ඩොලර් 1,547,000 ක් අහිමිවී ඇති බව විගනන දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ලංකා ඛණිජ වැලි සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය සහ කැබිනට් මණ්ඩලය විසින් කර ඇති අනුමැතියක් මත මෙම ටෙන්ඩර් ප්‍රදානය සිදු කර ඇති බව ඛණිජ වැලි සමාගම විසින් විගනන දෙපාර්තමේන්තුවට යවා ඇති ලිපියක සදහන් වේ.

Latest