Skip to content

ඉන්දියාවේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් කඩාවැටී විදුලිසැර වැදීමෙන් 15 ක් මරුට.

උතුරු ඉන්දියාවට බලපා ඇති අධික වර්ෂාපතනය අතරතුරදී උත්තරකාන්ද් ප්‍රාන්තයේ අලක්නන්දා ගං ඉවුරේ නමාමි ගංගේ නැමති ව්‍යාපෘතිය පැවති ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් පුපුරා යාමෙන් ඇති වූ විදුලි කාන්දුවක්ල හේතුවෙන්න්  15 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තවත් 15 දෙනෙකුට අධික ප්‍රමාණයක් තුවාල ලබා ඇති බවට ඒරට මාධ්‍ය පෙන්වා.

මෙම අනතුරෙන් ‌උපපොලිස් පරික්ෂක වරයෙතු හා ග්‍රාමාරක්ෂකයන් පස් දෙනෙකුද මියගොස් ඇති අය අතර සිටින බවට සැක පලකරන බවටද උත්තරාකාන්ද්හි අතිරේක ‌පොලිස් අධ්‍යක්ෂක ජනරාල් වී. මුරුගේසු මහතා මාධ්‍යට පවසා ඇත.

දැනට ලැබී ඇති තොරතුරුවලට අනුව ට්‍රාන්ස්ෆෝමරය පුපුරා ගොස් චමෝලි නගරයේ පිහිටි පිපල්කෝටි ගම්මානයේ අලක්නන්දාහි පාලමක් මතට වැටී ඇති අතර, පාලම හරහා විදුලිය ගමන් කිරීමෙන් මෙම විදුලි සැර වැදී ඇතැයි දැනට ලැබී ඇති තොරතුරුවලට අනුව ඉන්දීය මාධ්‍ය වාර්ථා කොට සිටියි.

ඒහිදී පළමුව අදාල ව්‍යාපෘතිය භාරව සිටි මුරකරුට විදුලිසැර වැදී ඇති අතර පසුව ඔහුව බේරාගැනීම සඳහා ඒම ස්ථානයට දිව ගිය පොලිස් නිලධාරීන්ට සහ ග්‍රාමාරක්ෂක නිලධාරීන්ට විදුලිසැර වැදී ඇති බවටත් අනතුරුව ඒම පිරිස බේරාගැනීමට ගිය ගම්වාසීන්ට විදුලිසැර වැදීමෙන් ‌මෙම ‌අවාසනාවන්ත සිදුවීම සිදුව ඇත.

තුවාලකරුවන් දිස්ත්‍රික් ප්‍රධාන රෝහලට ඇතුළත් කර ඇති අතර,  උත්තරකාන්ද් ප්‍රාන්ත මහඇමති පුෂ්කර් සිං ධාමි විසින් සිද්ධිය පිළිබඳ පරීක්ෂණයක් සිදුකරන ලෙස බලධාරින්ට නියෝග කර ඇති බවද සඳහන්ය.

Latest