ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය බලාත්මක කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවල නියෝජිතයින්ගේ අදහස් හා යෝජනා ලබාගැනීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව එළඹෙන 15 දිනට හෝ ඊට පෙර අදහස් හා යෝජනා ලබා දෙන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් එම පක්ෂ හා කණ්ඩායම්වල නායකයන්ට ලිඛිතව දැනුම් දී ඇත.
ජාතික සංහිඳියාව ඇති කිරීමේ පියවරක් ලෙස 2023-07-26 වන දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කැඳවනු ලැබූ සර්ව පාක්ෂික සමුළුවේ දී ඇතිකරගත් එකඟතාව අනුවයි ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම්වරයා විසින් එම දැනුම් දීම සිදු කර ඇත්තේ.