පළාත් පාලන ආයතනවල පවතින ස්තීර සේවක පුරප්පාඩුවට පිලියමක් වශයෙන් සේවය ස්ථිර කර නැති සේවකයන් 10,000 කඩිනමින් ස්ථිර කිරීමට පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර මහතා මේ පිලිබඳව අදහස් දක්වමින් පවසා සිටින්නේ.
දැනට පළාත් පාලන ආයතනවල ස්තීර සේවක පුරප්පාඩු 12,000ක් පවතින බැවින් එම පුරප්පාඩු සඳහා ස්ථිර පත්වීම් දීමට පියවර ගෙන තිබෙන අතර මෙම වැඩපිළිවෙළ සඳහා ඇමැති මණ්ඩල අනුමැතිය කඩිනමින් ගැනීමට නියමිතව ඇති බවටය..
එමෙන්ම පළාත් පාලන ආයතනවල අනියම්, ආදේශක සහ කොන්ත්‍රාත් පදනමින් සේවය කරන සේවකයන් කඩිනමින් ස්ථිර සේවයේ පිහිටුවීමට කටයුතු කරන බවත් එම ආයතනවලින් ඒ ඒ සේවකයන් පිළිබඳ තොරතුරු රැස් කිරීම ආරම්භ කර ඇති බවත්ය..
ඊට අමතරව මෙම ස්ථිර කිරීම් සඳහා කොන්ත්‍රාත් පදනම මත සේවය කරන, නිදහස් සේවක පදනම සහ වෙනත් සේවකයන් ඇතුළත් වන අතර ඒ සම්බන්ධයෙන් තොරතුරු රැස් කිරීමේ කටයුතු විධිමත් හා විනිවිදභාවයෙන් සිදු කරන බව ද එම අමාත්‍යාංශය වැඩිදුරටත් පෙන්වා දෙනවා.