පොලිස් හදිසි දුරකතන ඇමතුම් අංකය වන 119 වෙත දිනකට ඇමතුම්3000-3500 පමණ ලැබෙන අතර, එම පණිවුඩ විශ්ලේෂණය කිරීමේදී 119 අංකය අවභාවිතා කරමින් මහජනතාව අසත්‍ය තොරතුරු ඇතුළත් පණිවුඩ ලබාදීම නිරීක්ෂණය වන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරනවා.
ඒ අනුව, අසත්‍යය සහ සාවද්‍ය පණිවුඩ ලබාදෙන පුද්ගලයන් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 180 වැනි වගන්තයේ සදහන් වන පරිදි වදරකට වරදකරු වන බවත්, එවැනි අයෙකු මාස 06 ක කාලයක් බන්ධනාගාරගත කිරීම හෝ දඩයක් හෝ එකී දඩුවම් දෙකම ලබා දීමට හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිකුත් කල එම නිවේදනය පහත දැක්වේ

