පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් ස්ථාන සම්බන්දයෙන් ජාතික පොලිස් කොමිෂ වෙත පැමිණිලි 11,450 ලැබි ඇති බවත් ඉන් 9,774 පැය 24 පුරා ක්‍රියාත්මක 1960 ක්ෂනික ප්‍රතිචාර දුරකථන අංකය ඔස්සේ ලබා දි ඇති බවත් අනෙක් පැමිණිලි ආයතනයේ ලිඛිතව කර ඇති බවද පැවසිය මේ වනවිට පැමිණලි 1,800 පමණ විසඳා ඇති බවද කොමිෂම තහවුරු කලේය. පොලීසිය විමර්ශණ වලදි පක්ෂක්ග්‍රාහීව කටයුතු කිරීම අනීතික අයුරින් කටයුතු කිරීම පහරදීම් බවට සඳහන් පැමිණිලි රැසක් ඒ අතර පවතින බවද ජාතික පොලිස් කොමිෂම පවසයි එමෙන්ම 1960 ක්ෂණික දුරකථනය ඔස්සේ පැය 24 පුරාම පොලීසියේ අනීතික ක්‍රියාවන් සම්බන්දයෙන් පැමිණීලි කිරීමේ හැකියාව මහජනතාවට තිබෙන බව ජාතික පොලිස් කොමිෂම ප්‍රකාශ කලේය.
සාධාරන විමර්ශන නොකල බවට පොලීසියට විරුද්ධව පැමිණිලි 11450
