තේක්කවත්ත කසළ අංගනය ස්ථාවර කොට පරිසර හිතකාමී කලාපයක් බවට පත් කිරීමේ දෙවැනි අදියර 2024 සිට ක්රියාත්මක කිරීමට මහනුවර මහ නගර සභාව සැලසුම් කොට තිබේ.
ඒ අනුව මෙම අංගණයට බැහැර කරන කසල කළමණාකරණය කර ගනිමින් 2024 සිට 2034 දස වසරක කාලය තුළ හරිත කලාපයක් බවට පත් කිරීමටද නියමිතය.
එම කසල අංගණයේ ඉකුත් දස වසරක කාලය තුළ රුපියල් කෝටි 09ක වියදමින් සිදු කරන ලද සංවර්ධන ව්යාපෘති හා දැනට සිදුවන සංවර්ධන වැඩසටහන් මධ්යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ මහතාගේ සහ දිස්ත්රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතාගේ සහභාගීත්වයෙන් නිරීක්ෂණයට ලක් වූහ .
මහනුවර නගරයෙන් මෙට්රික් ටොන් 80ක් හා හාරිස්පත්තුව ප්රාදේශීය සභාවේ ටොන් 30ක් වශයෙන් දෛනිකව කැළිකසල ටොන් 110 ක් පමණ මෙම අංගණය වෙත දිනපතා බැහැර කෙරේ.
අක්කර 40 ක පමණ භූමි භාගයකින් යුත් ධාරිතාවය හා වපරියෙන් කොළඹ මීතොටමුල්ල කුණු කන්දට පමණක් දෙවැනි වන තේක්කවත්ත අංගණය හරිත පරිසරයක් බවට පත් කිරීමට මහනුවර මහ නගර සභාව සැලසුම් කොට තිබේ.
ඒ අනුව දැනට වර්ග කරන ලද කැළි කසල මගින් කොමේපෝස්ට් පොහොර නිපදවීම, ගව පාලනය හා ජීව වායු නිෂ්පාදනය සහ කුණු කන්ද ස්ථාවර කිරීම මේ වන විට සිදුකොට තිබේ.
