පසුගිය දින හතර පුරා දිවයිනට බලපෑ දැඩි වර්ෂාපතනය සහ තද සුළං තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 11ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 74ක් ආපදාවට ලක්ව තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා අද (07) මාධ්‍ය වෙත කරුණු දක්වමින් පැවසුවේය.
ඊයේ දිවා කාලයේ සහ රාත්‍රියේ වැඩිම බලපෑමක් සිදුව තිබෙන අතර දැඩි සුළං තත්ත්වය මත ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අටක පවුල් 179ක් සහ පුද්ගලයන් 660 ආපදා තත්ත්වයට පත්ව සිටින බවයි රණසිංහ මහතා සඳහන් කළේ. එහිදී නිවාසයක් පූර්ණ ආපදා තත්ත්වයට පත්ව තිබේ. තවත් නිවාස 176 ක ට අර්ධ හානි සිදුව ඇති.
ඒ අනුව දිවයින පුරා අයහපත් කාලගුණික තත්ත්වය මත පවුල් 594ක පුද්ගලයින් 2242ක් ආපදාවන්ට මුහුණ දී තිබේ.
ගස් පෙරලීම සහ ගස් කඩා වැටීම නිසා පුද්ගලයින් 05ක් තුවාල ලබා ඇත.
''නිවාස දෙකකට පූර්ණ හානි සිදු වෙලා තියෙනවා. අර්ධ සහ මධ්‍යම හානි ලෙස නිවාස 604 වාර්තා වෙලා තියෙනවා. අද සමහර විට වැඩි වෙන්න හැකියාවක් තියෙනවා. සුරක්ෂිත මධ්‍යස්ථාන දෙකක පවුල් විසි අටක් ඉන්නවා. ඒ සුරක්ෂිත මධ්‍යස්ථානවලින් එකක් නුවරඑළියේ ලැයින් කාමර ගිනි ගැනීම නිසා ඇති කරල තියෙන්නෙ. ආපදාවට ලක් වූවන්ට රජය විසින් ලබාදිය යුතු සියලුම පහසුකම් සහ ආපදා පූර්ණ කිරීම් ලබා ලබාදීම සිදු කරනවා. ඒවා ඊයේ රාත්‍රී සිට ක්‍රියාත්මකයි. ගොඩනැගිලි පර්යේෂණායතනය නායයාම් නිවේදන නිකුත් කරලා තියනවා නුවරඑළිය දිස්ත්‍රික්කයට. ඒක ඒ ආකාරයෙන්ම පවතිනවා. මාර්ගවල හෝ ඇල මාර්ග ආසන්නයේ ප්‍රවාහයන් සිදුකරනවා නම් එම මාර්ගවලින් ගමන් කිරීමෙන් වළකින්න. සහන ලබා ගැනීමේ ප්‍රමාදයක් වේ නම් 117 දුරකථන අංකයට අමතා ඒ පිළිබඳව දැනුවත් කරන්න. එය පැය 24ම ක්‍රියාත්මකයි.''යනුවෙන් රණසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.