පුද්ගලයින් 75ක් මේ වන විට අත්අඩංගුවට.
පරිගණක අපරාධ සම්බන්ධයෙන් මේ වසරේ පුද්ගලයින් 75ක් පමණ මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරි ඩබ්ලිව්.පී. ජයනෙත්සිරි මහතා සඳහන් කරයි.
සමාජ මාධ්‍ය ඔස්සේ මූල්‍ය වංචා කිරීමේ සිදුවීම් 108ක් සම්බන්ධයෙන් මේ වන විට තොරතුරු වාර්තා වන බවත් අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය හරහා සංසරණය වන වෙළෙඳ දැන්වීම්වලින් මෙසේ බහුල වශයෙන් ජනතාව රවටා මූල්‍ය වංචා කිරීමේ සිද්ධි වාර්තා වන බවද සහකාර පොලිස් අධිකාරීවරයා සදහන් කරයි.
ගතවු වසර දෙකහමාරක කාලය තුළ පමණක් පැමිණිලි 9,000කට අධික ප්‍රමාණයක් ලැබී ඇති බවද පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය සදහන් කරයි.
2021 වසරේ සයිබර් අපරාධ සම්බන්ධයෙන් පැමිණිලි 4,688ක් සහ 2022 වසරේ පැමිණිලි 3,168ක් ලැබී ඇති බවත් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් රට වසා දැමු සමයේ වාර්තා වු බවද එම කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරී පුෂ්පමාල් ජයනෙත්සිරි සදහන් කරයි.