Skip to content

බස් දෙකක් ගැටී පාසැල් ළමුන් 07ක් රෝහලේ

බලන්ගොඩ මහවලතැන්න ප්‍රදේශයේදිි පාසල් ළමුන් ප්‍රවාහනය කරමින් තිබු බස් රථයක් සහ පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අද (22) සිදු වු අනතුරකින් පාසල් ළමුන් 7 දෙනෙකු තුවාල ලබා බලන්ගොඩ මුලික රෝහලට ඇතුලත් කර ඇතැයි බලන්ගොඩ පොලිසිය පැවැසීය.

බලන්ගොඩ මහවලතැන්න ප්‍රදේශයේ පදිංචි පාසල් ළමුන් හත් දෙනෙකු මෙලෙස තුවාල ලබා රෝහල් ගත කර ඇත.

මහවලතැන්න ප්‍රදේශයේ සිට බලන්ගොඩ නගරයේ ඇති පාසල් වලට පාසල් ළමුන් ප්‍රවාහනය කරමින් තිබු බස් රථයක් සහ බලන්ගොඩ නගරයේ සිට ඉඹුලාමුර ප්‍රදේශය දක්වා මගිී ප්‍රවාහනය කරමින් තිබු පෞද්ගලික බස් රථයක් මෙලෙස මහවලතැන්න ප්‍රදේශයේදී එකිනෙකට ගැටිමෙන් අනතුර සිදුව ඇතැයි බලන්ගොඩ පොලිසියේ රථවාහන අංශය කියයි.

අනතුර සම්බන්ධයෙන් බලන්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Latest