Skip to content

බලධාරීන් මර නින්දේ වැඩ අවසන් කර වසර 06 යි තවමත් විවෘත්ත නොකර විනාශවන ජල පිරිපහදුව


වවුනියාව දකුණු සිංහල ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් නෙඩුන්කුලම ග‍්‍රාමසේවා වසමේ මලයාපරත්තිකුම ගම්මානයේ ස්ථාපිත කොට ඇති ජල පිරිපහදු මධ්‍යස්ථනය මෙතෙක් කළක් විවෘත්ත නොකිරීම හේතුවෙන් එහි වටිනා යන්ත‍්‍ර සුත‍්‍ර නිකරුනේ විනාශ වන බව ප‍්‍රදේශ වාසීන් චෝදනා කරයි.
ඒ අනුව ඉකුත් 2017 වසරේදී පමණ මෙම ව්‍යාපෘතිය උතුරු පළාතේ දිගුනාලීන අවතැන්වුවන් නැවත පදිංචි කිරීම යටතේ ආරම්භ කොට ඇති අතර එහි වැඩ කටයුතු 2017.11.27 ආරම්භ කොට එහි කටයුතු 2017. 12 .26 අවසන් කොට තිබේ.
මේ සදහා රුපියල් මිලියන දෙකක (2,000,000.00)මුදලක් වැය කොට ඇති බව එහි වන පුවරුවේ සදහන් කොට තිබේ.


කෙසේ වෙතත් අද වන විට වසර පහකට වැඩි කළක් මෙම අංග සම්පුර්ණ ජල පිරිපහදු මධ්‍යස්ථානය ඉදි කොට ගතව ඇතත් එය අද වනවිටත් විවෘත්ත කොට නොමැති බවට ජනතාව පවසයි. ඒ අනුව අද වන විට එහි ඇතැම් යන්ත‍්‍ර සුත‍්‍ර කොටස් පවා සොරුන් විසින් ගලවාගෙන ගොස් ඇති අතර එම ජල පිරිපහදුවේ දොරවල් කඩා එය වල් බිහිව තිබේ.
ඒ අනුව ජනතාව ඉල්ලා සිටින්නේ මෙතරම් මුදලක් වැය කොට මෙම ප‍්‍රදේශ වලට අවැසි සම්පතක් වන මෙම ජල පිරිපහදුව ඉදි කොට මෙසේ නිකරුනේ විනාශ වන්නට ඉඩ නොහැර එය ප‍්‍රයෝජනයක් ගත හැකි අයුරින් ස්ථාපිත කොට විවෘත්ත කරන ලෙයසි.
කෙසේ වෙතත් මෙය අදාල වගකිව යුතු බලධාරීන් නිසි පරිදී නිසි කලට වැඩ අවසන් කිරීමෙන් අනතුරුව විවෘත්ත නොකිරීම හේතුවෙන් එය ප‍්‍රතිසංස්කරණයට හා සොරුන් සොරා ගන්නා ලද යන්ත‍්‍ර සුත‍්‍ර සවිකිරීමට යළිත් රජයට පිරිවැයක් දැරීමට සිදුව තිබෙන්නේ වගකිව යුතු නිළධාරීන් වගකීම පැහැර හැරීම නිසා බව ජනතාව පෙන්වා දෙයි.

Latest