ආගන්තුක අයෙකු විසින් ගෙනවිත් දී ඇති කේක් ආහාරයට ගෙන සිසිල් බීම පානය කළ එකම පවුලේ 05 දෙනෙකු ක්ලාන්තව රෝගී වීම හේතුවෙන් ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත.
15 වෙනිදා සවස මෙම සිද්ධිය සිදුවී ඇත.
රෝහල් ගත කර ඇත්තේ පුත්තලම - සේනකුඩිරිප්පුව ප්‍රදේශයේ පදිංචි පිරිසකි. එම පිරිසට වයස අවුරුදු 65 සහ 86 වියේ පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් සහ අවුරුදු 84, 63 සහ 29 වියේ පසුවන කාන්තාවන් තුන්දෙනෙකු වේ.
රෝහල් ගත කර ඇති 65 වියේ පසුවන අය පසුගිය දිනක හෘද සැත්කමක් සිදු කර ඇත. එම අයට මුල්‍ය අධාරයක් ලබා දීමට බව පවසමින් ආගන්තුකයින් නිවසට පැමිණ ඇති බව කියති. ආගන්තුකයින් විසින් නිවෙස් හිමියන් සමග සුළු වේලාවක් කථා කරමින් සිට මුල්‍ය ආධාරය ලබා දීමට පෙර ඔවුන් විසින් ගෙනවිත් තිබූ කේක් සහ සිසිල් බීම නිවැසියන්ට ලබා දී ඇත. එම කේක් ආහාරයට ගෙන සිසිල් බීම පානය කළ සෙසු පිරිස ක්ලාන්තව ඇද වැටනවා දැක ඇති 65 වියේ පසුවන අය මේ බව ක්ෂණිකව පුත්තලම නගරයේ පදිංචිව සිටින තම වැඩිමහල් දියණියට පවසා ඇත.
දුකරතන ඇමතුම අනුව නිවසට පැමිණ ඇති වැඩිමහල් දියණිය දැක ඇත්තේ තම පියා, මව, නැගණිය, මුත්තා සහ මිත්තණිය ඔවුන්ගේ නිවස තුළ සිහිසුන්ව සිටිනා ආකාරයයි. ක්ෂණිකව ක්‍රියාත්මක වී ඇති ඇය රෝගී තත්ත්වයෙන් සිටි පිරිස රෝහල් ගත කිරීමට කටයුතු කර ඇත.
කේක් සහ සිසිල් බීම ගෙනවිත් ඇති අය ඒ සමගම අතුරුදහන්වී ඇති බව පොලීසිය කියයි. රෝහල් ගත කර සිටින අයගෙන් මෙතෙක් ප්‍රකාශයක් ලබා ගෙන නැත. ඔවුන්ගේ නිවසේ කිසියම් සොරකමක් සිදුවී තිබේද යන්න අනාවරණය වී නොමැති බවද පොලීසිය කියයි.
පුත්තලම පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.