මන්නාරම මරදමඩු දේවස්ථනයේ විශේෂ දේව මෙහෙයක් ඉකුත් 02 දා එම දේවස්ථාන පරිශ‍්‍රයේදී අති විශාල බැතිතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් පවත්වන ලදි. එහිදි මන්නාරම රදගුරු එමානුවෙල් ප‍්‍රනාන්දු පියතුමන් ඇතුළු කිතුනු පුජකවරුන් රැසකගේ සහභාගීත්වයෙන් මෙම දේව මෙහෙය පවත්වා තිබේ එම අවස්ථාවට ලක්ෂ 05 ට ආසන්න බැතිමතුන් පිරිසක් සහභාගී වු බව දෙවස්ථානයේ පුජකවරුන් පවසයි.
එම අවස්ථාව සදහා දිවයිනේ නන් දෙසින් බැතිමතුන් සහභාගී වු අතර එළබෙන 2024 වසරේ මන්නාරම දේවස්ථානයේ විශේෂ උත්සවයක් පැවැත්විමට සැළසුම් කොට ඇති අතර ඒ සදහා වන ධජය එසවිමටද එහිදි කටයුතු කරන ලදි .


