Skip to content

බඹර ප්‍රහාරයකින් 04 ක් රෝහලට.

පුත්තලම - දළුව ප්‍රදේශයේදී බඹර ප්‍රහාරයකට ලක්වූ කාන්තාවක් සහ කුඩා දරුවන් තිදෙනෙකු ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත.

15 වෙනිදා සවස මෙම බඹර ප්‍රහාරය සිදුවී ඇත.

බඹර ප්‍රහාරයට ලක්ව ඇත්තේ දළුව නිර්මල පුර නිවස 80 යෝජනා ක්‍රමයේ පදිංචිව සිටින පිරිසකි. බඹර ප්‍රහාරයට ලක්ව ඇති කාන්තාව වයස අවුරුදු 29 ක් වන අතර, දරුවන් වයස 10, 03 සහ 01 වියේ පසුවන අයවළුන් බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

මෙම පිරිස දළුව - නිර්මලපුර මාර්ගයේ ගමන් කරමින් සිටින විට බඹර ප්‍රහාරයට ලක්ව ඇත. පසුව ඔවුන්ව සුවසැරිය ගිලන් රථයකින් පුත්තලම මූලික රෝහලට රැගෙන ගොස් ඇත.

Latest